විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (24) විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් රජය ගෙන්වා ඇති ගල් අගුරු තොගය බාල තත්ත්වයේ බව රජයම පිළිගෙන ඇති බව සඳහන් කළේය.
ඔහු පැවසුවේ, මෙම ගල් අගුරු ගනුදෙනුව සම්බන්ධයෙන් දිගින් දිගටම කරුණු ඉදිරිපත් කළ සමගි ජන බලවේගය අද එම චෝදනාව සත්‍ය බවට පත්වීම හේතුවෙන් එය විපක්ෂයේ ජයග්‍රහණයක් බවයි.
විපක්ෂ නායකවරයා අනාවරණය කළේ, බාල ගල් අගුරු භාවිතය හේතුවෙන් අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ගල් අගුරු ගෙන්වීමට සිදුවන බවයි.
ඒ අනුව,
රටට අමතර මූල්‍ය බරක්
බදු ගෙවන්නන්ට අමතර බරක්
විදුලි පාරිභෝගිකයන්ට මිල වැඩිවීම්
යන ආකාරයෙන් ජනතාවට සෘජු බලපෑමක් සිදුවන බව ඔහු පැවසීය.
ලංකා විදුලි බල මණ්ඩලය මෙම ගනුදෙනුවෙන් රුපියල් බිලියන 8ක පාඩුවක් සිදුව ඇති බව තක්සේරු කර ඇතැයි පැවසුවද, එම ගණනය සම්පූර්ණ නොවන බව විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
උපකරණවලට සිදුවන හානි, නඩත්තු වියදම් සහ දිගුකාලීන බලපෑම් එම තක්සේරුවට ඇතුළත් නොවන බවද ඔහු පැවසීය.
නොරොච්චෝල බලාගාරයේ පරීක්ෂණ වාර්තා අනුව දකුණු අප්‍රිකානු ගල් අගුරු තත්ත්වයෙන් බාල බව හෙළිවී ඇති බවද, මාර්තු 1 වැනිදාට පසු හොඳ ප්‍රමිතියේ රුසියානු ගල් අගුරු අවසන් වන බවද ඔහු අනාවරණය කළේය.
මෙම තත්ත්වය හේතුවෙන් පුනර්ජනනීය නොවන බලශක්ති මත වැඩි රඳාපවත්වීමක් සිදුවන බවත්, එය “ඉන්ධන මාෆියාවට” වාසියක් වන බවත් ඔහු චෝදනා කළේය.
විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේ,
මහජන උපයෝගීතා කොමිසම විසින් අපක්ෂපාතී විමර්ෂණයක් සිදු කිරීම
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පිහිටුවීම
එහි සභාපතිත්වය හා බහුතරය විපක්ෂයට ලබාදීම
මඟින් සත්‍යය ජනතාවට හෙළිදරව් කළ යුතු බවයි.
මෙම ගල් අගුරු ගනුදෙනුව පිළිබඳ තොරතුරු, දත්ත සහ විශේෂඥ අදහස් ජනතාවට ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය සූදානම් බවද විපක්ෂ නායකවරයා අවසානයේ සඳහන් කළේය.











