රුපියල් මිලියන 2.06 ක් පමණ වටිනා ලැප්ටොප්, ජංගම දුරකථන, සුවඳ විලවුන් සහ එනසාල් ඇතුළු ප්‍රකාශ නොකළ භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස රට තුළට රැගෙන ඒමට උත්සාහ කළ බවට චෝදනා ලැබූ ශ්‍රී ලාංකික මගීන් දෙදෙනෙකු අද (26) උදෑසන ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් කඳාන ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි කාන්තාවක් සහ කොළඹ නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙක්.
ඔවුන් SriLankan Airlines හි වෙනම ගුවන් ගමන් දෙකකින් ඩුබායි සහ ඉන්දියාවේ බැංගලෝර් නගරයෙ සිට පැමිණ ඇති බව සඳහන් වනවා.
රේගු නිලධාරීන් අනාවරණය කර ඇත්තේ, අදාළ භාණ්ඩ සඳහා අවශ්‍ය ආනයන බලපත්‍ර නොමැතිව සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය ලබා නොගෙන රට තුළට ගෙනැවිත් ඇති බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.











