දේශීය

කළුතර වර්නන් යූ ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ ආපන ශාලාවට කඩා වැදී සොරකම් කළ නව යොවුන් දැරියන් තිදෙනෙකු අත්අඩංගුවට

කළුතර පිහිටි කළුතර වර්නන් යූ ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ ආපන ශාලාවට කඩා වැදී රුපියල් 40,000 කට ආසන්න වටිනාකමකින් යුත් රසකැවිලි සහ චොකලට් සොරකම් කළ බවට චෝදනා ලැබූ නව යොවුන් වියේ ගැහැණු ළමයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ, සැකකරුවන් වයස අවුරුදු 13, 14 සහ 15 අතර පසුවන බවයි.
ප්‍රදේශයේ CCTV දර්ශන මගින් සැකකරුවන් හඳුනා ගැනීමට හැකි වී තිබුණා. ළමා නිවාසයක සඟවා තිබූ ටොෆි, චොකලට්, ලොලිපොප් සහ චුයින්ගම් තොගයක් ඒ හරහා සොයාගෙන තිබෙනවා.
අලුයම 1.30ට පමණ ළමා නිවාසයේ යතුරක් භාවිතයෙන් පිටව ගොස්, කැන්ටිමේ ඉදිරිපස වීදුරුව කණුවක් භාවිතයෙන් කඩා සොරකම් සිදුකර තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වන අතර සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Shares: