ආපදා හේතුවෙන් මානසික පීඩන තත්ත්වයන් මතුව ඇත්නම් ජාතික මානසික රෝග විද්‍යාතනයේ 1926 දුරකතන අංකය අමතා අවශ්‍ය උපදේශන ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දී තිබෙනවා.
රාගම වෛද්‍ය පීඨයේ ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මියුරු චන්ද්‍රදාස මහතා පැවසුවේ මෙවැනි ආපදා තත්ත්වයකින් පසුව එය අපේ මනසට ඍජුවම බලපෑම් කළ හැකි බවත්, ඒ හේතුවෙන් ජනතාව තුළ මානසික පීඩනය ඇති වීම සුලබව දැකිය හැකි බවයි.
එවැනි පීඩනයකට ඔබ ලක්ව සිටින්නේ නම් ප්‍රථමයෙන් ගැටලුව හඳුනා ගත යුතු අතර පසුව එම ගැටලුවට කුමක් කළ යුතු ද යන්න විසඳුම හඳුනා ගත යුතු බවද එහිදී ඔහු ප්‍රකාශ කළා.
එමෙන්ම යම් කෙනෙකු මෙම තත්ත්වය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇත්නම් ළඟම ඇති රජයේ රෝහලේ වෛද්‍යවරයෙක් හමුවී අවශ්‍යය උපදෙස් ලබා ගන්නා ලෙසයි වෛද්‍යවරයා දැනුම් දුන්නේ.
එමෙන්ම වෛද්‍ය චන්ද්‍රදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙම ව්‍යසනය හේතුවෙන් දරුවන් පීඩනයට පත්ව ඇත්නම් ඔවුන්ගේ ජීවිතය හැකිතාක් සාමාන්‍යකරණය කිරීමට උත්සාහ කළ යුතු බවයි.
උදාහරණයක් ලෙස හැකි ලෙසකින් ඔවුන්ට සෙල්ලම් කිරීමට වටපිටාවක් නිර්මාණය කරදීම, යාලුවෝ මුණ ගැසීමට අවස්ථාවක් සලසා දීම වැනි දේ කළ හැකි බව ද ඔහු එහිදී කියා සිටියා.
එසේම යම් කෙනෙකු පීඩාවට පත්ව ඇත්නම් තරහා යෑම, නින්ද නොයෑම, ආහාර රුචියක් නොමැති වීම, තෙහෙට්ටුවක් දැනීම ආදී ලක්ෂණ ඇති විය හැකි බවයි වෛද්‍ය මහාචාර්ය මියුරු චන්ද්‍රදාස මහතා පැවසුවේ.
තවද අපේ රට විවිධ අවස්ථාවල ස්වභාවික ව්‍යසන සහ කටුක අත්දැකීම් රාශියකට මුහුණ දී ඇති අතර ජනතාවගේ එකමුතු බව, ධෛර්යවන්තකම සහ නොපසුබට උත්සාහය හේතුවෙන් එවැනි තත්ත්වයන් හමුවේ රට ගොඩනැගීමට හැකි වූ බවද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ රාගම වෛද්‍ය පීඨයේ ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මියුරු චන්ද්‍රදාස මහතා ප්‍රකාශ කළේ,
”මෙවර ගංවතුර තත්ත්වය සහ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් විශාල ව්‍යසනයක් සිදු වුණා. එවැනි ආපදා තත්ත්වයකින් පසුව මනසට මුලින්ම දැනෙන දේ තමයි අපිට ලොකු කරදරයක් වුණා කියලා දැඩිව ඇතිවන දුක් සහිත තත්ත්වය. එමෙන්ම හිස් බව, අදහගන්න බැරි තරම් ෂොක් එකක් කිසිම දෙයක් කරන්න උනන්දුවක් නැති තත්ත්වයක් ඇතිවෙන්නත් පුළුවන්. මේ ආපදා තත්ත්වය නිසා ඔබ හිංසනයට කරදරයට පත්වෙලා තිබෙනවා නම් ඔබ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ හැමෝම උදව් කරන්න පෙනී සිටිනවා. එම නිසා ඔබේ උත්සාහය, අනාගතය ගැන තියෙන බලාපොරොත්තු අත්හැර ගන්න එපා. නිවස නැති වුණා නම් පවුලේ කෙනෙක් නැතිවුණා නම්. ඔබේ හිතේ තියෙන බලාපොරොත්තු අත්හරින්න එපා.”
යනුවෙනුයි.










