ශ්‍රී ලංකා ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා 2026 වසරට අදාල තරග විභාගය සඳහා අයැදුම් කැඳවා තිබේ. උපාධිධාරී තරුණ තරුණියන්ටත්, දැනට ගුරු සේවයේ නියුතු උපාධිධාරී රාජ්‍ය නිලධාරීන්ටත් රජයේ ස්ථීර ගුරු සේවයට ඇතුළත් වීමට මෙය ප්‍රධාන අවස්ථාවක් ලෙස සැලකේ.
මෙම විභාගය සඳහා අයැදුම් කිරීම 2026 පෙබරවාරි 20 පෙ.ව. 9.00ට ආරම්භ වී ඇති අතර, මාර්තු 05 ප.ව. 9.00 දක්වා ඔන්ලයින් අයැදුම් ඉදිරිපත් කළ හැකි බව සඳහන් වේ.
අයැදුම් කිරීමේ ක්‍රමවේදය
අයැදුම් කළ හැක්කේ ඔන්ලයින් මගින් පමණි. ඒ සඳහා Department of Examinations Sri Lanka හි නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිස “Our Services” යටතේ ඇති “Online Applications – Recruitment Exams/ E.B. Exams” ඔස්සේ අයැදුම්පත ඉදිරිපත් කළ යුතුය.
ඔන්ලයින් අයැදුම් කිරීමෙන් පසු අයැදුම්පත ඩවුන්ලෝඩ් කර මුද්‍රණය කර සමාදාන විනිශ්චයකාරවරයෙකුගෙන් සහතික කරගෙන, සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන අවස්ථාවේදී ඉදිරිපත් කළ යුතු බව දැනුම් දී ඇත.
සම්මුඛ පරීක්ෂණයට තේරීම
මුලින් තරග විභාගයක් පැවැත්වෙන අතර, සම්මුඛ පරීක්ෂණයට සුදුසුකම් ලබා ගැනීමට විභාගයෙන් ලකුණු 40කට වැඩි සාමාන්‍යයක් ලබා ගත යුතුය. ගුරු පුරප්පාඩු සංඛ්‍යාවට දෙගුණයක් වන පරිදි අපේක්ෂකයන් සම්මුඛ පරීක්ෂණය සඳහා තෝරා ගනු ලැබේ.
ගුරු සේවයට ඇතුළත් වීමට බලාපොරොත්තු වන උපාධිධාරීන්ට මෙම විභාගය ඉතා තීරණාත්මක අවස්ථාවක් වන අතර, නියමිත කාලය තුළ අයැදුම් ඉදිරිපත් කිරීම වැදගත් වේ.
ශ්‍රී ලංකා ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා 2026 වසරට අදාල තරග විභාගය සඳහා අයැදුම් කැඳවා තිබේ
Shares:











