ඉන්දියානු සිනමා ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ නළු හා දේශපාලන වේදිකාවේ නව පක්ෂයක් ස්ථාපිත කළ Tamilaga Vettri Kazhagam (TVK) නායක ජෝසෆ් විජේ චන්ද්‍රසේකර මහතාගේ දික්කසාදය පිළිබඳව ප්‍රේක්ෂකයන්ගේ මේ වන විට දැඩි අවධානයකට ලක්ව තිබෙනවා.
ඔහුගේ බිරිඳ සංකීතා විජේ මහත්මිය, චෙංගල්පට්ටු දිස්ත්‍රික්කයේ අධිකරණ බලය සහිත පවුල් අධිකරණයක දික්කසාදය ඉල්ලා පෙත්සමක් ගොනු කර ඇතැයි ඉන්දියානු මාධ්‍ය වාර්තා කරනවා.
පෙත්සමේ සඳහන් වන්නේ,
* නිලියක් සමඟ අතිරේක සම්බන්ධතාවයක් පැවැත්වීම,
* දිගුකාලීන මානසික පීඩනය,
* නොසලකා හැරීම හා වෙන්වී ජීවත්වීමට බල කිරීම වැනි කරුණුය.
2021 වසරෙන් පසු තම ස්වාමියා “මානසිකව ඉවතට ගොස් ඇති” බවත්, එම තත්ත්වය පවුලට හා දරුවන්ට සමාජ වශයෙන් අපහසුතාවයක් ඇති කර ඇති බවත් පෙත්සමෙන් ඉදිරිපත් කර තිබෙනවා.
1954 විශේෂ විවාහ පනත යටතේ මෙම දික්කසාද පෙත්සම ගොනු කර ඇති අතර, නඩුව අප්‍රේල් 10 දින විභාගයට ගැනීමට නියමිත බව සඳහන් වනවා.
එසේම, මෙම නඩු කටයුතු “in camera” ලෙස, ජනමාධ්‍ය හරහා ප්‍රචාරය නොවන ආකාරයෙන් පැවැත්වීමටත්, සමාජ මාධ්‍ය තුළ අදාළ කරුණු ප්‍රචාරය කිරීම වැළැක්වීමටත් අධිකරණ නියෝගයක් ඉල්ලා ඇති බවද වාර්තා වනවා
අදාළ නළුවරියගේ නාමය මෙතෙක් හෙළි කර නොමැති අතර, අවශ්‍ය වුවහොත් ඇය දෙවන ප්‍රතිවාදියා ලෙස නඩුවට ඇතුළත් කරන බව පෙත්සමේ සඳහන් කර තිබෙනවා.
මෙම සිද්ධිය, ඉන්දියානු දේශපාලන හා චිත්‍රපට ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට හේතු වී ඇති අතර, ඉදිරි නීතිමය තීරණයන් කෙරෙහි මහජන අවධානය යොමුව තිබෙනවා











