මධ්‍යපූර්වය තුළ උණුසුම් තත්ත්වයක් උද්ගත වී ඇති අතර, Tehran නගරය තුළ පිපිරීම් වාර්තා වන අතරතුර Israel රජය තමන් Iranට එරෙහිව “පූර්ව ක්‍රියාමාර්ගයක්” ලෙස ප්‍රහාරයක් දියත් කළ බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.
ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය Israel Katz සඳහන් කර ඇත්තේ, ඉදිරියේදී සිදුවිය හැකි ප්‍රතිප්‍රහාරයන්ට සූදානම්ව සිටින බවත්, ඒ අනුව රට පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවත්ය.
මෙම තත්ත්වයත් සමඟ කලාපීය ආරක්ෂාව පිළිබඳ ගැටලු නැවතත් මතු වී ඇති අතර, මධ්‍යපූර්වයේ දේශපාලන උණුසුම තවදුරටත් ඉහළ යා හැකි බව විශ්ලේෂකයින් පෙන්වා දෙති.
ජාත්‍යන්තර මාධ්‍ය ආයතනවලට බොහෝ විට Iran වෙත වීසා ප්‍රතික්ෂේප කෙරෙන හේතුවෙන්, එරට තුළ සිදුවන සිද්ධි පිළිබඳ ස්වාධීන තොරතුරු රැස් කිරීම දැඩි ලෙස සීමා වී ඇති බව වාර්තා වේ.
කලාපයේ තත්ත්වය කෙසේ වර්ධනය වන්නේද යන්න පිළිබඳ ලෝක අවධානය මේ වන විට යොමුව ඇත











