ඩ්‍රෝන හා මිසයිල ප්‍රහාර රැසක් – බොහෝමයක් මර්දනය කළ බව ආරක්ෂක අමාත්‍යාංශය කියයි
මැද පෙරදිග උණුසුම තවදුරටත් උච්චතමයට ගෙන යමින්, United Arab Emirates හි පුද්ගලයින් තිදෙනෙකු ඉරාන ප්‍රතිප්‍රහාර හේතුවෙන් මියගොස් ඇති බව එරට ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.
මියගොස් ඇත්තේ Pakistan, Nepal සහ Bangladesh ජාතිකයන් බව සඳහන් වේ. එම පුද්ගලයින් මියගොස් ඇත්තේ එමීරේට්ස් ගුවන් ආරක්ෂක පද්ධති හරහා මර්දනයට ලක් නොවී පසුබිමට වැටුණු ඉරාන ඩ්‍රෝන හේතුවෙන් බව නිවේදනයේ දැක්වෙනවා. තවත් 58 දෙනෙකුට සුළු තුවාල සිදුව ඇති බවත් සඳහන්ය.
ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ, ඉරානය විසින් සමස්ත වශයෙන් බැලස්ටික් මිසයිල 165ක් දියත් කර ඇති අතර, ඉන් 152ක් ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ බවයි. තවත් 13ක් මුහුදට වැටී ඇති බවද සඳහන් වේ.
ඒ සමඟම, ක්රූස් මිසයිල 2ක්ද හඳුනාගෙන විනාශ කර ඇති බව නිවේදනය කර තිබේ.
ඩ්‍රෝන 541ක් – 506ක් මර්දනය
ඉරානය විසින් ඩ්‍රෝන 541ක් දියත් කර ඇති අතර, ඉන් 506ක් සාර්ථකව මර්දනය කර ඇති බවත්, 35ක් එරට භූමි ප්‍රදේශ තුළට වැටී ඇති බවත් වාර්තා වනවා
ගුවන් ආරක්ෂක පද්ධති මගින් මර්දනය කළ මිසයිල හා ඩ්‍රෝනවල කොටස් රටේ විවිධ ස්ථානවලට වැටීම හේතුවෙන් සිවිල් දේපළ කිහිපයකට සුළු හා මධ්‍යම මට්ටමේ ද්‍රව්‍යමය හානි සිදුව ඇති බවද ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම ප්‍රහාර මාලාව මැද පෙරදිග කලාපයේ ආරක්ෂක තත්ත්වය තවදුරටත් අර්බුදකාරී කරමින් සිටින අතර, ජාත්‍යන්තර අවධානයද දැඩි ලෙස එම ප්‍රදේශය වෙත යොමු වී තිබෙනවා











