දේශීය

⚡️ පැය 24ක වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කරයි

විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති 25කට ආසන්න සංඛ්‍යාවක් එක්ව විවිධ ඉල්ලීම් කිහිපයක් මත පැය 24ක වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

එම තීරණයට අනුව අද (මාර්තු 9) පස්වරු 3.00 සිට මෙම වැඩ වර්ජනය ආරම්භ කිරීමට නියමිත බව වෘත්තීය සමිති නියෝජිතයින් සඳහන් කරයි.

වෘත්තීය සමිති පැවසුවේ තමන් ඉදිරිපත් කළ ඉල්ලීම් සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශවයන් විසින් යහපත් විසඳුමක් ලබා නොදුන්නේ නම් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවයි.

මෙම වැඩ වර්ජනය හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ සේවාවන්ට කිසිදු ආකාරයේ බලපෑමක් ඇතිවේද යන්න පිළිබඳව ජනතාවගේ අවධානය යොමුව තිබේ.

Shares: