රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවති දුරකථන සංවාදයකදී, ඉරානය වටා ඇති ගැටුම ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කළ බව ක්‍රෙම්ලින් විදේශ ප්‍රතිපත්ති සහායක යූරි උෂාකොව් පවසා තිබෙනවා.
සංවාදයේදී, නායකයින් දෙදෙනා යුක්රේනයේ ගැටුම පිළිබඳවද අවධානය යොමු කර තිබූ බව ද සඳහන් වුනා. උෂාකොව් පවසන්නේ මෙම සාකච්ඡාව “ඉතා සැලකිය යුතු” සහ දෙරට අතර තවදුරටත් ප්‍රායෝගික වැදගත්කමක් ඇති කල බවයි.
පුටින්, ගල්ෆ් රාජ්‍ය නායකයින්, ඉරාන ජනාධිපතිවරයා සහ අනෙකුත් රටවල් සමඟ ඇති සම්බන්ධතා ඇතුළුව, ඉරාන ගැටුම සඳහා ඉක්මන් දේශපාලනික සහ රාජ්‍ය තාන්ත්‍රික විසඳුම් සොයා යාමට අදහස් කිහිපයක් ඉදිරිපත් කළ බව උෂාකොව් සඳහන් කර තිබෙනවා.
ට්‍රම්ප්, ඇමරිකානු-ඊශ්‍රායල මෙහෙයුම් සහ යුක්රේනීය වර්ධනයන් පිළිබඳ තක්සේරු කිරීම් ඉදිරිපත් කළ අතර, ඉක්මන් සටන් විරාමයක් සහ දිගුකාලීන විසඳුමක් සමඟ යුක්රේනයේ ගැටුම අවසන් කිරීමට එක්සත් ජනපදයේ උනන්දුව තහවුරු කර තිබුණා.
ජනාධිපතිවරුන් දෙදෙනා ගෝලීය තෙල් වෙළඳපොළ සහ වෙනිසියුලාවේ තත්ත්වය පිළිබඳවද සාකච්ඡා කළ බව වාර්තා වනවා.










