ශ්රී ලංකාවේ පස්වන ජාතික මුඛ සෞඛ්ය සමීක්ෂණය අද ආරම්භ වන බව සෞඛ්ය අමාත්යාංශය නිවේදනය කර තිබෙනවා.
මෙම සමීක්ෂණය නොවැම්බර් මාස අවසානය දක්වා දිවයිනේ සියලුම දිස්ත්රික්ක පුරා පවත්වන අතර, තෝරාගත් පාසල් සහ නිවෙස්වල වල දත්ත රැස් කිරීම සිදු කිරීමට නියමිතයි.
ජාතික මුඛ සෞඛ්ය සමීක්ෂණයේ ප්රධාන විමර්ශක විශේෂඥ වෛද්ය නිලන්ත රත්නායක මහතා, සමීක්ෂණයේ සාර්ථකත්වය සහතික කිරීම සඳහා පාසල් සහ නිවාසවලට පැමිණෙන වෛද්යවරුන්ට සහයෝගය ලබා දීමට මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
මෙම සමීක්ෂණය ජාතික මට්ටමේ මුඛ සෞඛ්ය තත්ත්වය පිළිබඳ නව දත්ත සහ අවධානම් හඳුනා ගැනීමට මූලික වේ, සහ සෞඛ්ය ප්රතිපත්ති සංවර්ධනයටද මහඟු උපකාරී වනවා.











