විදෙස්

හෝර්මුස් සමුද්‍ර සන්ධිය ගැන ට්‍රම්ප්ගේ අවධානය – චීන ජනාධිපති ෂී ජින්පිං සමඟ බීජිං සමුළුවක්

නේටෝ සම්බන්ධයෙන් තම අදහස් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීන ජනාධිපති ෂී ජින්පිං සමඟ බීජිං නගරයේ පැවැත්වීමට නියමිත සමුළුව පිළිබඳවද අදහස් පළ කර තිබෙනවා.

ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට අදහස් දක්වමින් ට්‍රම්ප් සඳහන් කළේ, හෝර්මුස් සමුද්‍ර සන්ධියේ ඇතිව ඇති අවහිරතා ඉවත් කිරීම සඳහා චීනය ක්‍රියාමාර්ග ගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි. ඔහු පැවසුවේ, චීනයට අවශ්‍ය වන තෙල්වල සියයට 90ක්ම මෙම සමුද්‍ර සන්ධිය හරහා ලැබෙන බවත් එය ජාතික ආර්ථිකයට අතිශයින් වැදගත් බවත්ය.

මෙම හමුව බීජිං නගරයේ මාර්තු මස අගභාගයේ පැවැත්වීමට සැලසුම් කර තිබුණද, සති දෙකක් වැනි කාලයක් “දිගු කාලයක්” බවත්, එයට පෙරම චීනයෙන් යම් ක්‍රියාමාර්ග දැකීමට තමන් කැමති බවත් ට්‍රම්ප් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම, මෙම සංචාරය ප්‍රමාද විය හැකි බවටත් ඔහු සඳහන් කළද, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර ප්‍රකාශ කර නොමැත.

හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමක් සිදුවුවහොත් චීනයට ඇති විය හැකි බලපෑම් පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණයක් බීබීසී වාර්තාකාරිනී ලෝරා බිකර් විසින් ද ඉදිරිපත් කර තිබෙනවා.

 

Shares: