උණුසුම් පුවත්

ආපදා සහන අරමුදල් බෙදාහැරීමේ නව මාර්ගෝපදේශ නිකුත් කෙරෙයි

 

ආපදාවලින් පීඩාවට පත් ජනතාව සඳහා වන සහන අරමුදල් බෙදාහැරීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසිනුයි මෙම නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත්තේ.

ඒ අනුව, විපතට පත් ජනතාවට ආපදා සහන අරමුදල් බෙදාහැරීම සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා විසින් දිස්ත්‍රික් සහ ප්‍රදේශීය ලේකම්වරුන් වෙත මෙම මාර්ගෝපදේශ මාලාව නිකුත් කර තිබෙනවා.

අදාළ සහන සැලසීම සඳහා සම්බන්ධවන පාර්ශ්වවලට අදාළ කාර්යභාර්යන් ද මෙම මාර්ගෝපදේශවලට අයත්.

එමෙන්ම ලබාදෙනු ලබන දීමනා සහ සහන පිළිබඳව ද එහි ඇතුළත් වනවා.

Shares: