කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කරන්නේ, අද දිනයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.
විශේෂයෙන් මධ්‍යම, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වල සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවයි.
ප්‍රදේශ අනුව කාලගුණ තත්ත්වය
* නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල උදෑසන සුළු වැසි
* මධ්‍යම, සබරගමුව, වයඹ සහ ඌව පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, අනුරාධපුර සහ කළුතර දිස්ත්‍රික්කවල උදෑසන මීදුම් සහිත තත්ත්වයක්
මහජනතාවට අවවාද
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං, අකුණු මඟින් සිදුවිය හැකි හානි අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස මහජනතාවට දැනුම් දී තිබෙනවා.
මෙම තත්ත්වය හමුවේ දෛනික කටයුතු සැලසුම් කිරීමේදී අවශ්‍ය කටයුතු සැලසුම් කරගන්නා ලෙස මහජනතාව දැනුවත් කර තිබෙනවා.










