දේශීය

විදේශ රැකියා වංචා මැඩපැවැත්වීමේ දැඩි ක්‍රියාමාර්ග: මිලියන 194.5ක් වින්දිතයින්ට ආපසු

ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශය (SLBFE) පවසන්නේ, 2025 ඔක්තෝබර් සිට 2026 පෙබරවාරි දක්වා මාස පහක කාලය තුළ විදේශ රැකියා වංචාකරුවන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

මෙම කාලය තුළ, වංචාකරුවන්ගෙන් රුපියල් මිලියන 194.5කට අධික මුදලක් අයකරගෙන, පීඩාවට පත් වින්දිතයින්ට නැවත ලබා දීමට හැකිව තිබෙනවා.

නීතිමය ක්‍රියාමාර්ග සහ අත්අඩංගුවට ගැනීම්,

* අධිකරණයට ගොනු කළ නඩු සංඛ්‍යාව – 244
* ලැබුණු පැමිණිලි – 2,081
* වැටලීම් – 19
* අත්අඩංගුවට ගත් සැකකරුවන් – 88

අත්අඩංගුවට ගත් අය අතර බලපත්‍රලාභී විදේශ රැකියා ආයතනවලට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙකු ද ඇතුළත් වනවා.

විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ මූලිකත්වයෙන්, 2025 සැප්තැම්බර් මාසයේදී පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ ඒකකයක් පිහිටුවා තිබෙනවා.

ඊශ්‍රායලය, දකුණු කොරියාව, ජපානය, රුමේනියාව සහ මැදපෙරදිග රටවල් වෙත රැකියා ලබාදෙන බවට ව්‍යාජ පොරොන්දු දී සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන වංචා වර්ධනය වී ඇති බව ද කාර්යාංශය අනාවරණය කර තිබෙනවා.

SLBFE මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ,

* නිල සත්‍යාපනයකින් තොරව මුදල් ගෙවීම් නොකරන ලෙස
* පුද්ගලික ලේඛන ලබා නොදෙන ලෙස

එවැනි වංචා පිළිබඳව 011 288 2228 හෝ 1989 යන දුරකථන අංක ඔස්සේ වාර්තා කරන ලෙසයි.

 

Shares: