දේශීය

QR පද්ධතිය යටතේ ඉන්ධන බෙදාහැරීමේ නව ක්‍රමවේදය අද සිට ක්‍රියාත්මකයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) අද (19) සිට ඉන්ධන බෙදාහැරීම වාහන අංක තහඩුවේ අවසාන අංකය මත පදනම් වූ ඔත්තේ-ඉරට්ටේ ක්‍රමය අනුව සිදු කරන බව නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව,
ඔත්තේ අංක (1, 3, 5, 7, 9) — ඔත්තේ දිනවලදී ඉන්ධන ලබාගත හැකි අතර ඉරට්ටේ අංක (0, 2, 4, 6, 8) — ඉරට්ටේ දිනවලදී ඉන්ධන ලබාගත හැක.

අද (19) ඔත්තේ දිනයක් වන බැවින්, ඔත්තේ අංක වලින් අවසන් වන වාහන සඳහා ඉන්ධන ලබාගැනීමේ අවසරය ලබාදී තිබෙනවා.

QR කෝටා තවමත් නොලැබූ පුද්ගලයින්ට, මෙම ඔත්තේ-ඉරට්ටේ ක්‍රමය නොසලකා අද දිනයේ ඉන්ධන ලබා ගැනීමට අවසර දී තිබෙනවා.

වාහන අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා පහත ලේඛන වලින් එකක් ඉදිරිපත් කළ යුතුය:

* ආදායම් බලපත්‍රය
* ලියාපදිංචි සහතිකය
* රක්ෂණ සහතිකය
* විමෝචන පරීක්ෂණ සහතිකය

නීති විරෝධී ඉන්ධන බෙදාහැරීම් පිළිබඳ තොරතුරු ලබාදීමට:
0112 106 767 | 0117 296 130

මාර්ගෝපදේශ උල්ලංඝනය කරන පිරවුම්හල්වලට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද CPC අවධාරණය කර තිබෙනවා.

Shares: