අද (21) උදෑසන 8.30 ට පමණ, චාවකච්චේරි – පුත්තූර් මාර්ගයේ කනකම් පුලියඩි ප්‍රදේශය තුළ මාරක රිය අනතුරක් සිදුවී තිබෙනවා. ටිපර් රථයක් ත්‍රිරෝද රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය පවසනවා.
අනතුර වන අවස්ථාවේ එකම පවුලේ සාමාජිකයින් සිව්දෙනෙකු ත්‍රිරෝද රථයේ ගමන් කර තිබෙනවා. ත්‍රිරෝද රථයේ සිටි මව සහ දියණිය එම ස්ථානයේම මිය ගොස් ඇති අතර, ත්‍රිරෝද රථ රියදුරු සහ තවත් කාන්තාවක් බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, චාවකච්චේරි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතිනවා.










