දේශීය

නව සංචාරක පනතට මූලික පියවරක් – සංචාරක රියදුරන්ගේ අයිතිවාසිකම් ගැන විශේෂ සාකච්ඡාවක්

2026 මාර්තු 24 වන දින, සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි ආයතන විශාල සංඛ්‍යාවක් සහභාගී වූ විශේෂ සාකච්ඡාවක් සංචාරක සංවර්ධන හා විදේශ කටයුතු අමාත්‍යාංශය හිදී පැවැත්වුනා.

මෙම සාකච්ඡාවට නව සංචාරක පනත ගෙන ඒමට අදාළ ප්‍රධාන නිලධාරීන් සහභාගී වූ අතර, හිටපු අමාත්‍යාංශ ලේකම් රංජිත් ආරියරත්න මහතා සහ අතිරේක ලේකම්වරයා විසින් මුලසුන දරා තිබුණා. පැය පහකට ආසන්න කාලයක් පුරා පැවති මෙම සාකච්ඡාව සංචාරක ක්ෂේත්‍රයේ ඉදිරි ගමනට වැදගත් මංසන්ධියක් ලෙස සැලකිය හැකියි.

සංචාරක සංවර්ධන අධිකාරිය තුළ ලියාපදිංචි වූ සියලුම ආයතන විශාල ප්‍රමාණයක් නියෝජනය කරමින් ලේකම්වරුන් සහ අතිරේක ලේකම්වරු මේ සඳහා සහභාගිත්වය දක්වා තිබුණා.

මෙම හමුවේදී ප්‍රධාන වශයෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ සංචාරක රියදුරන්ගේ අයිතිවාසිකම් සහ ආරක්ෂාව පිළිබඳ කරුණු රැසක් සාකච්ඡා බඳුන් කර තිබුණා.

✔ සංචාරක රියදුරන්ගේ රැකියා බලගැන්වීම
✔ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් හඳුන්වාදීම
✔ නවාතැන්, ආහාරපාන සහ සනීපාරක්ෂක පහසුකම්වල ගුණාත්මකභාවය
✔ සේවා සපයන්නන් සඳහා රක්ෂණ ක්‍රමයක්
✔ සංචාරක ප්‍රවාහන රථවාහන නියාමනය
✔ නීතිවිරෝධී සේවා වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම
✔ ගාස්තු හා ගෙවීම් සඳහා නියාමන ක්‍රමවේද
✔ ඉන්ධන මිල වෙනස්වීම් අනුව ගාස්තු සකස් කිරීම
✔ විදේශික ව්‍යාපාර හා නීති විරෝධී ක්‍රියාකාරකම් පාලනය

එමෙන්ම මෙම සාකච්ඡාවේදී සංගමය විසින් විශේෂයෙන්ම,සංචාරක රියදුරන්ගේ රැකියා සුරක්ෂිතතාවය හා ඔවුන්ගේ වෘත්තීය ගෞරවය සහ අයිතිවාසිකම් රැක ගැනීම පිළිබඳවත් විශේෂයෙන්ම අවධානය යොමු කර තිබුණා.

පෙර ලබාගත් අත්සන් ලේඛන සියලු අදාළ පාර්ශ්ව වෙත ඉදිරිපත් කරමින්, මෙම ක්ෂේත්‍රයේ වඩාත් නීතිමය හා සංවිධානාත්මක ව්‍යුහයක් ගොඩනැගීමට කැපවී සිටින බව වැඩිදුරටත් අවධාරණය කළා.

ඉදිරියේදීත් සංචාරක ක්ෂේත්‍රයේ වැඩිදියුණු කිරීමත්, සාමාජිකයින්ගේ අනාගත ආරක්ෂාවත් උදෙසා සංගමය සහ නිලධාරී මණ්ඩලය අඛණ්ඩව කටයුතු සිදු කරන බව වැඩිදුරටත් අවධාරණය කළා.

 

Shares: