උණුසුම් පුවත්ව්‍යාපාරික

“යුද්ධය පාලනයෙන් තොරයි” – ලෝකය අනතුරේ බවට එක්සත් ජාතීන් අනතුරු ඇඟවීමක්.

මැද පෙරදිග තුළ ගැටුම තවත් උග්‍ර වෙමින් පවතින අතර, එය දැන් “පාලනයෙන් තොර තත්ත්වයක්” බවට පත්ව ඇති බව
එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්ට් විසින් අනතුරු අඟවා තිබෙනවා.

United Nations මූලස්ථානයේ නිව්යෝක් නගරයේ දී අදහස් පළ කළ ඔහු පැවසුවේ,
මෙම ගැටුම ලෝකයම අර්බුදයකට ඇද දැමීමට සමත් “දාම ප්‍රතික්‍රියාවක්” බවයි.

“සති කිහිපයක් තුළ මේ යුද්ධය නායකයින් පවා සිතාගත නොහැකි සීමාවන් ඉක්මවා ගොස් තිබෙනවා,” යැයි ගුටරෙස්ට් සඳහන් කළේය.

ලෝකය දැන් මුහුණ දෙන්නේ පුළුල් යුද්ධ අවදානමකට, මිනිස් දුක් වේදනාවල විශාල වර්ධනයකට, ගෝලීය ආර්ථික කම්පනයකට බවයි ඔහු වැරදි දුරටත් ප්‍රකාශ කර සිටියේ.

මෙහිදී ගුටරෙස්ට් විසින් සෘජුවම රටවල් කිහිපයකට පණිවිඩ යොමු කර තිබුණා.

ඉරානයට,

අසල්වැසි රටවල්ට එල්ල කරන ප්‍රහාර වහාම නතර කරන්න.

ඇමරිකාවට සහ ඊශ්‍රායලයට,

යුද්ධය අවසන් කිරීමට ක්‍රියා කරන ලෙසටයි.

කලාපීය සියලු පාර්ශ්වයන්ට
රාජ්‍ය තාන්ත්‍රික විසඳුම් පමණක් පිළිගන්නා ලෙසටත් තවදුරටත් ප්‍රකාශ කර තිබුණා.

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමේ අවදානම ගැනත් ඔහු එහිදී අනතුරු අඟවා තිබෙනවා.

ඔහු පවසන ආකාරයට එය සිදුවුවහොත්, තෙල් හා ගෑස් සැපයුම අඩාල වී, පොහොර ප්‍රවාහනය නැවතී, ලෝක ආර්ථිකයට දැඩි ලෙස කඩා වැටීමක් සිදු වේ.

ගුටරෙස්ට් පැවසුවේ, යුද්ධය විසඳුමක් නොවන බවත්, උග්‍රවීම නවතා, රාජ්‍ය තාන්ත්‍රික විසඳුම් වෙත යොමුවිය යුතු බවත්, ජාත්‍යන්තර නීතියට අනිවාර්යෙන්ම ගරු කළ යුතු බවත්ය.

ලෙබනනය තුළ තත්ත්වය තවත් නරක නොවිය යුතු බවටත් ඔහු විශේෂයෙන් අවධාරණය කර තිබුණේ, Hezbollah
ප්‍රහාර නතර කළ යුතුය, Israel සිවිල් වැසියන්ට හානි වන මෙහෙයුම් නැවැත්විය යුතුයි, “Gaza වැනි තත්වයක් නැවත ඇති නොවිය යුතුයයි” යනුවෙනුයි.

මෙම ගැටුම් නිසා, වෙළඳපොළ අස්ථාවර වෙමින් පවතී, මානුෂීය මෙහෙයුම් සීමා වෙමින් පවතී, දුප්පත්ම ජනතාව වැඩිම බලපෑමට ලක් වෙමින් පවතී, යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසා තිබුණා.

“යුද්ධය විසඳුමක් නොවේ. අපට අවශ්‍ය වන්නේ සාමයයි. රාජ්‍ය තාන්ත්‍රිකභාවයයි.
ජාත්‍යන්තර නීතියට ගරු කිරීමයි.”
යනුවෙන් එතුමා ප්‍රකාශය අවසන් කළා.

Shares: