උණුසුම් පුවත්දේශීය

දිවයින පුරා මාරක මාර්ග අනතුරු මාලාවක් – ජීවිත 6ක් අහිමි වෙයි

ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ මාරක මාර්ග අනතුරු කිහිපයක් හේතුවෙන්, එක දිනකදී පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම මහත් කණගාටුවට කරුණක් ලෙස පොලිසිය සඳහන් කරනවා.

ඊයේ (26) දිනයේදී පහත ප්‍රදේශවල මෙම අනතුරු වාර්තා වී තිබෙනවා.

* පේරාදෙණිය
* මාලඹේ
* නිකවැරටිය
* කළුතර උතුර
* කෝපායි
* අලව්ව

මෙම සිදුවීම වන්නේ,

* පේරාදෙණිය – මෝටර් රථයක ගැටීමෙන් 46 හැවිරිදි පදිකයෙකු මිය යයි
* මාලඹේ – යතුරුපැදියක් සහ මෝටර් රථයක් ගැටී 25 හැවිරිදි යතුරුපැදිකරුවෙකු මිය යයි
* නිකවැරටිය – මෝටර් රථයක් සහ යතුරුපැදියක් ගැටී 33 හැවිරිදි කාන්තාවක් මිය යයි, තවත් පිරිසක් තුවාල ලබයි
* කළුතර උතුර – ත්‍රිරෝද රථයක් සහ පාපැදිකරුවෙකු ගැටී 59 හැවිරිදි පුද්ගලයෙකු මිය යයි
* කෝපායි –
ත්‍රිරෝද රථයක් සහ පදිකයෙකු ගැටී 56 හැවිරිදි පුද්ගලයෙකු මිය යයි
* අලව්ව – ලොරි රථයක ගැටීමෙන් පදිකයෙකු මිය යයි (අනන්‍යතාවය තවමත් හඳුනාගෙන නැත)

මෙම අනතුරු මාලාව,
රියදුරන් සහ පදිකයන් දෙපාර්ශවයම නීති රීති පිළිපැදීම සහ අවධානයෙන් ගමන් කිරීම අත්‍යවශ්‍ය බව පොලිසිය අවධාරණය කර තිබෙනවා.

එක දිනයකදී ජීවිත 6ක් අහිමි වීම අපගේ මහාමාර්ග ආරක්ෂාව හා විනය පිළිබඳ නැවත නැවතත් අවධානය යොමු කල යුතු බවට මෙම අනතුරු අපහට පසක් කරයි.

Shares: