රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පවසන්නේ, කැබිනට් අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ස්වේච්ඡාවෙන් තම ඉන්ධන කෝටා තුනෙන් එකකට වඩා අඩු කර ඇති බවයි.
මෙම තීරණය මහජනතාවට ආදර්ශයක් සැපයීම සහ බලශක්ති අර්බුදයට හමුවේ කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා සාමූහික ගිවිසුමකින් ක්‍රියාත්මක කරන තිබෙන බවයි එතුමා පෙන්වා දී තිබුණේ.
අමාත්‍යවරයා අවධාරණය කළේ සියලුම රාජ්‍ය ආයතන සහ පළාත් පාලන ආයතන, ජලය සහ විදුලිය අරපිරිමැස්මෙන්, වගකීමෙන් භාවිතා කළ යුතු බවයි.
කාර්යාලවල අනවශ්‍ය විදුලි පහන් නිවා දැමීම, සෝපාන භාවිතය අවම කිරීම, අධික විදුලික් වැයවන වෙළඳ දැන්වීම් පුවරු සීමා කිරීම, සහ රාත්‍රී 9:00 න් පසු නිවා දැමීම වැනි දේ පිළිබඳවද අවධානය යොමු කිරීම වැදගත් බවයි.
අමාත්‍යවරයා තව දුරටත් පවසා සිටියේ, මෙම උත්සාහය රාජ්‍ය ආයතන වලට පමණක් නොව, රටේ සියලුම පුරවැසියන්ට ද අදාළ විය යුතු බවයි.
අදම ඔබේ කාර්යාලයේ හා නිවසේ බලශක්ති හා ජල සුරැකුමට දායක වන්න. එය බලශක්ති හෝ ජල අර්බුදයක් බවට පරිවර්තනය වීම අපට වළක්වා ගත හැකියි.









