පසුගියදා මඩකලපුව ප්‍රදේශයේ පාළු ළිඳකින් පැහැරගත් කාන්තාවක් සහ මළ සිරුරක් සොයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ දිනවල වල පරීක්ෂණ සිදු කරගෙන යන අතරම මෙම සිද්ධියට සම්බන්ධව ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ සැකකරුවෙකු නැගෙනහිර පළාත් අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු වත්තල ප්‍රදේශයේදී නැගෙනහිර පළාත් අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් විසින් කොටු කරගෙන ඇති බවයි සඳහන් වන්නේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා 49 හැවිරිදි ඖෂධ අලෙවිසැල් හිමිකරුවෙකු වන අතර, ඔහු කොක්කඩිචෝලේ පොලිස් ස්ථානය වෙත භාර දී ඇතැයි පොලිසිය ප්‍රකාශ කර තිබුණා.
සැකකරු ඊයේ (30) මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, දින තුනක රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
මෙම අපරාධය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොක්කඩිචෝලේ පොලිසිය විසින් සිදු කරගෙන යනු ලබනවා.









