සෞඛ්‍ය ක්ෂේත්රයේ පවතින ගැටලු පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දැක්වූ වෛද්‍ය චමල් සංජීව මහතා, පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වර්තමාන ක්‍රියාමාර්ග දැඩි ලෙස විවේචනයට ලක් කර තිබෙනවා.
ඔහු සඳහන් කළේ, සෞඛ්‍ය ඇමතිවරයා විසින් නිකුත් කරන අනතුරු ඇඟවීම් වලින් කිසිදු ප්‍රායෝගික ප්‍රතිඵලයක් නොලැබෙන අතර, මූලික සෞඛ්‍ය ගැටළු තවමත් විසඳා නොමැති බවයි. විශේෂයෙන්ම සීමාවාසික වෛද්‍යවරුන් සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශයන්, ක්ෂේත්රයේ තත්ත්වය තවත් උණුසුම් කර ඇති බව ඔහු පෙන්වා දුන්නා.
ඉදිරියටත් අදහස් දක්වමින්, වෛද්‍යවරුන් මර්දනය කිරීම සඳහා දේශපාලන තර්ජන භාවිතා කරන බවටත් ඔහු මෙහිදී චෝදනා කර තිබෙනවා. මෙය සමස්ත වෘත්තීය සමිති විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින්, ඒකාබද්ධ ක්‍රියාමාර්ග ගන්නා තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා.
එමෙන්ම, රට තුළ වෛද්‍ය වෘත්තිකයන්ගේ හිඟයක් පවතින අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සඳහා ප්‍රායෝගික විසඳුම් සපයමින් නොසිටි බවද ඔහු අවධාරණය කළා. සීමා වාසික පුහුණුව සාර්ථකව අවසන් කර, ක්ෂේත්රයට අවශ්‍ය වෛද්‍ය බලකාය බිහි කිරීම අත්‍යවශ්‍ය බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
ඒ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) බලපෑම් යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිපත්ති හේතුවෙන්, සෞඛ්‍ය ක්ෂේත්රයේ ගැටලු තවත් උග්‍ර වී ඇති බවටද ඔහු චෝදනා කලා.
“සෞඛ්‍ය ගැටලු විසඳීමට වෛද්‍යවරු සූදානම්. අපි සාකච්ඡා සඳහා පැමිණ සිටිනවා. නමුත්, මේ තත්ත්වයෙන් වැඩිම බලපෑමට ලක්වන්නේ සාමාන්‍ය ජනතාව,” යනුවෙන් ඔහු තවදුරටත් සඳහන් කළේය.
මෙවන් පසුබිමක, ආණ්ඩුවේ වෛද්‍යවරුන්ගෙන් කොටසක් අනෙකුත් වෛද්‍යවරුන්ට බාධා කිරීමත්, ක්ෂේත්රයේ අභ්‍යන්තර ගැටලු තවත් වර්ධනය කරමින් පවතින බව ඔහු පෙන්වා දී තිබුණා.











