දේශීය

පාදුක්ක හා අවට ප්‍රදේශවලට පැය 12ක ජල කප්පාදුවක්

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් අද (05) රාත්‍රී 8.00 සිට හෙට (06) උදෑසන 8.00 දක්වා පාදුක්ක සහ අවට ප්‍රදේශවලට පැය 12ක ජල සැපයුම් කප්පාදුවක් සිදුකරන බව නිවේදනය කර තිබෙනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ ලාබුගම සහ කළටුවාව ජල ශුද්ධිකරණාගාරවලට සපයන ජලාශවල ජල මට්ටම් වේගයෙන් පහළ යාම හේතුවෙන් ජල නිෂ්පාදනය සීමා වීම නිසාය.

ඒ අනුව, එම ජල ශුද්ධිකරණාගාර මගින් ජලය ලබාදෙන සියලු ප්‍රදේශවලට මෙම කාලය තුළ ජල සැපයුම සීමා වන අතර, ජනතාවට අවශ්‍ය ජලය පෙර සූදානම් කරගන්නා ලෙස දැනුම් දී තිබෙනවා.

Shares: