අද (06) පෙරවරුවේ වත්තල මාබෝල ප්‍රදේශයේ පිහිටි වැක්ස් රෙදි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇති බව වාර්තා වනවා.
ගින්න පාලනය කිරීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකය විසින් ගිනි නිවීමේ රථ 03ක් සහ නිලධාරීන් 13 දෙනෙකු යොදවා ඇති අතර, දැඩි උත්සාහයකින් පසුව ගින්න මේ වන විට සාර්ථකව පාලනයට ගෙන ඇති බව නිලධාරීන් සඳහන් කර තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතුද මේ වන විට ආරම්භ කර තිබෙනවා.
👉 හදිසි අනතුරු අවම කරගැනීම සඳහා ආරක්ෂිත ක්‍රියාමාර්ග පිළිපදින්න!











