කොළඹ පෙටා ප්‍රදේශයේ මහා පරිමාණ ගබඩාවක සඟවා තිබූ ලේබල් නොමැති ආනයනික රූපලාවණ්‍ය ද්‍රව්‍ය තොගයක් පාරිභෝගික කටයුතු අධිකාරිය (CAA) විසින් භාරයට ගෙන තිබෙනවා.
පාරිභෝගික කටයුතු අධිකාරිය (CAA) නිලධාරීන්, පොලිස් විශේෂ බුද්ධි අංශයෙන් ලැබුණු තොරතුරක් මත ඊයේ (09) දින කොළඹ මහා වීදියෙහි පිහිටි මෙම ගබඩාවට වැටලීමක් සිදු කර තිබෙනවා.
විදෙස් රටවලින් ආනයනය කළ බොඩි ක්‍රීම් සහ ලෝෂන් ආසන්න වටිනාකම රුපියල් මිලියන 10ක් පමණ වන අතර නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වීමේ දිනය සහ නිෂ්පාදක/ආනයනකරු විස්තර කිසිවක් නොමැති බව අනාවරණය වී තිබෙනවා.
දේශීය නීති අනුව අනිවාර්ය මූලික තොරතුරු කිසිවක් නොතිබූ මෙම නිෂ්පාදන, පාරිභෝගිකයන් වෙත ළඟා වීමට පෙර ගබඩා මට්ටමේදීම භාරයට ගැනීමට CAA කටයුතු කර තිබුණා.
සන්නාම 13ක කොස්මැටික් සාම්පල ලබාගෙන ඇති අතර ඒවා රසායනාගාර පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා
මේ සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව CAA වැඩි දුරටත් සඳහන් කර තිබුණා.











