දේශීය

සමාජ මාධ්‍ය අපහාස, විදේශ නීති සහ දේශපාලන විවේචන — සමන්ත භද්‍ර හිමියන්ගෙන් දැඩි ප්‍රකාශයක්

පූජ්‍ය සමන්ත භද්‍ර හිමියන් විසින් ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් කාර්යාලය වෙත සංදේශයක් භාර දෙමින් සමාජ මාධ්‍ය මඟින් සිදුවන අපහාසකාරී ක්‍රියාකාරකම් පිළිබඳව දැඩි අවධානය යොමු කර තිබෙනවා.

විශේෂයෙන්ම YouTube නාලිකාවක් මගින් සිදු කරනු ලබන අපහාස සම්බන්ධයෙන්, සුදන්ත තිලකසිරිට එරෙහිව ඕස්ට්‍රේලියානු නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ඇති අතර, මේ පිළිබඳව දැනටමත් නීතිමය පියවර ආරම්භ කර ඇති බවද උන්වහන්සේ සඳහන් කළා.

මෙම සංදේශය භාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ උන්වහන්සේ, සමාජ මාධ්‍ය—විශේෂයෙන් YouTube වැනි නාලිකා—විනයක් සහ නියාමනයක් යටතේ ක්‍රියා කළ යුතු බවත්, පවතින නීති අනුව වගකිව යුතු පාර්ශවයන්ට දඬුවම් ලබා දිය යුතු බවත් අවධාරණය කළා.

එමෙන්ම, වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව දැඩි විවේචනයක් ඉදිරිපත් කරමින්, පවතින රජය පිළිබඳ විශ්වාසයක් තබාගත නොහැකි බව උන්වහන්සේ ප්‍රකාශ කර තිබෙනවා.
ගල් අඟුරු වංචා, කෘෂිකර්මයේ පවතින ගැටලු සහ ක්‍රියාත්මක නොවන රජයේ සැලසුම් පිළිබඳව ද අවධානය යොමු කරමින්, එවැනි අදක්ෂ පාලනයක් රට ආර්ථික වශයෙන් පසුබැසීමට හේතු වන බවත් උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ගැටලු රැසක් පවතින අතරතුර, කිහිප දෙනෙකුට පෞද්ගලික වාසි ලබාගැනීමට හැකිවීමද ගැටලුවක් ලෙස උන්වහන්සේ සඳහන් කළාය.

Shares: