උණුසුම් පුවත්

SLTB බස්වලට කාඩ් මඟින් ගෙවීමේ ක්‍රමවේදයක් – ඉදිරියේදී මුදල් නැතුවම ගමන් කළ හැකියි.

SLTB බස්වලට කාඩ් මඟින් ගෙවීමේ ක්‍රමවේදයක් – ඉදිරියේදී මුදල් නැතුවම ගමන් කළ හැකියි

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (SLTB) විසින්, බස් ගාස්තු සඳහා කාඩ් මගින් ගෙවීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට සියලු සැලසුම් සූදානම් කර තිබෙනවා.

මේ බව SLTB සභාපති සංජීව නන්දන කනකරත්න මහතා ප්‍රකාශ කර තිබෙන්නේ, ඉදිරි මාස කිහිපයක් ඇතුළත SLTB බස් සේවාවන් සඳහා මෙම නව ක්‍රමය ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

එවිට, මුදල් රැගෙන යාම අවශ්‍ය නැහැ, Card එකෙන් සරලව ගාස්තු ගෙවිය හැක, පහසු, වේගවත් සහ නවීන සේවාවක් ලබාගත හැකි වනවා.

ඔහු මේ බව ප්‍රකාශ කර තිබුනේ,මාතර සිට කොළඹට ගමන් කරන මගීන් සඳහා ප්‍රවාහන පහසුකම් පරීක්ෂා කිරීමේ අවස්ථාවකට සහභාගී වූ අතරතුරයි.

සභාපතිවරයා තවදුරටත් සඳහන් කළේ, ඉදිරි වසර 3ක් ඇතුළත
SLTB සේවාවන් සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණයට ලක් කිරීමට බලාපොරොත්තු වන බවයි.

එයින්,ප්‍රවාහනයේ ගුණාත්මකභාවය ඉහළ යනු ඇත, සේවාවන් තවත් කාර්යක්ෂම වේ.

කාඩ් ගෙවීම් බස් ක්‍රමය ගැන ඔබගේ අදහස කුමක්ද? පහලින් Comment කරන්න 

Shares: