ලෝක ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක් වන BBC විසින්, රැකියා 1,800 – 2,000 අතර සංඛ්‍යාවක් කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා. ආයතනයේ පවතින මූල්‍ය පීඩන තත්ත්වයක් හේතුවෙන් මේ රැකියා කප්පාදුව සෘදු කරනු ලබන බවයි ආයතනය සදහන් කර තිබෙන්නේ.
මෙය එම ආයතනයේ සමස්ත රැකියා සංඛ්‍යාවේන් 10%ක් පමණ බව සඳහන් කර තිබුණා.
පවුම් මිලියන 500ක ඉතිරි කිරීමේ සැලැස්මක්…
ඉදිරි වසර 2 තුළ පවුම් මිලියන 500 ඉතිරි කිරීමට BBC බලාපොරොත්තු වන අතරම, මේ හේතුවෙන් නාලිකා හෝ සේවාවන් නවතා දැමීමක් පවා සිදුවිය හැකි බව
අන්තර්වාර අධ්‍යක්ෂ ජනරාල් රොඩ්‍රි ටැල්ෆන් ඩේවිස් ප්‍රකාශ කර තිබෙනවා.
“අපි හැම දෙයක් ගැනම සලකා බැලිය යුතුයි… මේක ගන්න අමාරු තීරණ ගන්න වෙලා තියෙන කාලයක්” යැයි ඔහු ඒ පිළිබඳව අදහස් දක්වමින් පවසා තිබුණා.
රේඩියෝ, රූපවාහිනී සහ ඔන්ලයින් සේවාවන්ට අවම වශයෙන් බලපාන ලෙස වෙනස්කම් සිදු කිරීමට සැලසුම් කර තිබෙන බවයි වැඩිදුරටත් සදහන් කර තිබුණේ.
මේ සම්බන්ධයෙන් වැඩි විස්තර මෙම වසර අවසානයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි ඔහු තවදුරටත් සඳහන් කර තිබුණේ.
BBC හි පූර්ණ කාලීන සේවකයින් සංඛ්‍යාව 21,500ක් පමණ වන අතර, මෙම කප්පාදුව “දැවැන්ත හානියක්” බවත්, සේවකයින්ට දැඩි මානසික පීඩනයක් ඇති කරන බවත් Bectu සහ National Union of Journalists සංවිධාන දෙකම දැඩි ලෙස විවේචනය එල්ල කර තිබෙනවා.
මෙම මූල්‍ය අර්බුදයට හේතුවී ඇත්තේ, නිෂ්පාදන වියදම් ඉහළ යාම, බලපත්‍ර ගාස්තු හා වාණිජ ආදායම් අඩුවීම, ගෝලීය ආර්ථික අස්ථාවරතාව
ලෙසයි ආයතනය සඳහන් කර තිබෙන්නේ.
මේ හේතුන් මත බඳවා ගැනීම්, ගමන් වියදම්, සම්මන්ත්‍රණ සහ උපදේශන සේවා වියදම්ද දැඩි ලෙස සීමා කර තිබෙන බවයි අනාවරණය වුණේ.
විශේෂඥයින් පවසන්නේ, “මෙවැනි කප්පාදු දිගටම ගියහොත්, BBC හි මහජන සේවාවට බරපතල බලපෑමක් ඇතිවිය හැක” යන්නයි.










