ලෝකප්‍රසිද්ධ House of the Dragon කතාමාලාවේ 3 වන වාරය නිල වශයෙන් මංගල දර්ශනයට සූදානම් වෙමින් තිබෙනවා. HBO විසින් නිකුත් කළ නවතම තොරතුරු අනුව, ජුනි 21 වන දින රාත්‍රී 9.00 ට (ET) ආරම්භ වන අතර, ඒ සමඟම HBO Max ඔස්සේද ප්‍රවාහය කිරීමට කටයුතු සිදු කෙරෙමින් පවතිනවා.
මෙවර වාරය කථාංග කොටස් 8කින් සමන්විත වන අතර, සතිපතා නව කථාංග විකාශනය වෙමින් අගෝස්තු 9 දින අවසන් කොටසට ළඟා වීමට නියමිතයි.
HBO විසින් පසුගිය ජුනි මාසයේ ආරම්භ වන බව පමණක් පැවසුවද, නිශ්චිත දිනය මෙතෙක් හෙළි කර නොතිබූ අතර, දැන් එය නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.
මෙම කතාමාලාව Game of Thrones විශ්වයට අයත් වන අතර, George R. R. Martinගේ Fire and Blood කෘතිය මත පදනම්ව නිර්මාණය කර තිබෙනවා.
කතාව සකස් වී ඇත්තේ “Game of Thrones” සිදුවීම් වලට වසර 200කට පෙර, Westeros හි “Dance of the Dragons” ලෙස හැඳින්වෙන ටාර්ගේරියන් සිවිල් යුද්ධය වටායි.
රංගන ශිල්පීන්,
මෙම වාරය සඳහා ප්‍රබල නළු-නළියන් රැසක් එක්වී තිබෙන අතර, Matt Smith, Emma D’Arcy, Olivia Cooke, Rhys Ifans, Fabien Frankel, Ewan Mitchell ඇතුළු තවත් විශාල කණ්ඩායමක් එක්ව තිබෙනවා.
නිෂ්පාදනය,
මෙම කතාමාලාව Ryan Condal සහ George R. R. Martin විසින් එක්ව නිර්මාණය කර ඇති අතර, Condal ප්‍රදර්ශන ධාවකයා ලෙසද කටයුතු කරනවා.
ඒ සමඟම, Warner Bros. විසින් “Game of Thrones” විශ්වය තුළ නව ව්‍යාපෘති රැසක් ද සංවර්ධනය කරමින් පවතින බවටයි ආරංචි මාර්ග සදහන් කලේ.
මීට අමතරව ඉදිරියේදී තවත් උණුසුම් ව්‍යාපෘති කිහිපයක් ලෙස,
A Knight of the Seven Kingdoms , Aegon’s Conquest පදනම් කරගත් නව පූර්ව කතාමාලාවක් සංවර්ධනය වෙමින් පවතින බවටද ආරංචි මාර්ග සඳහන් කරනවා.
Fansලාට සුබ ආරංචියක්!
HBO විසින් නව ටීසර් ට්‍රේලරයක් ද නිකුත් කර ඇති අතර, එය දැනටමත් අන්තර්ජාලය පුරා උණුසුම් වශයෙන් ප්‍රචාරය වෙමින් පවතින බවයි දැන ගන්නට ලැබුණේ.










