ගොඩගේ ප්‍රකාශන ආයතනයේ ආරම්භක දේශබන්දු සිරිසුමන ගොඩගේ මහතා, අභාවප්‍රාප්ත වී තිබෙනවා. එතුමා අභාවප්‍රාප්ත වන විට 90 හැවරිදි වියේ පසු වුණා.
ශ්‍රී ලංකාවේ සාහිත්‍ය ක්ෂේත්‍රයට අසීමිත සේවාවක් සිදු කළ ඔහු, ග්‍රන්ථ ප්‍රකාශනය තුළින් ලේඛකයින්ට හා පාඨකයින්ට නව දොරටු විවෘත කළ විශිෂ්ට පුද්ගලයෙක් වන එතුමාගේ සමාජ සේවාවන් අගයමින්, 2003 වසරේදී දේශබන්දු සම්මානයෙන් පිදුම් ලැබීම, ඔහුගේ ජීවිතයේ සුවිශේෂී අවස්ථාවක් වනවා.
ඔහුගේ අඛණ්ඩ කැපවීම හා දායකත්වය, ශ්‍රී ලාංකික සාහිත්‍ය ඉතිහාසයේ සදාතනික සලකුණක් ලෙස පවතිනු ඇත.
ඔහුට නිවන් සුව ලැබේවා!











