ගල්කිස්සේ නීතීඥවරයෙකුට පහරදුන් බවට චෝදනා එල්ල වූ පොලිස් කොස්තාපල්වරයාට ගල්කිස්ස අධිකරණය මගින් ඇප ලබා දී තිබෙනවා.
ඒ අනුව අදාළ කොස්තාපල්වරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදා හැරීමටයි ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා අද (13) නියෝග කළේ.
පසුගිය 10 වැනිදා ගල්කිස්ස අධිකරණ භූමියයෙන් නීතීඥවරයෙකුගේ මෝටර් රථයක් පිටතට ගැනීමේදී ඇති වූ සිද්ධියකදී පොලිස් නිලධාරියෙකු විසින් නීතීඥවරයෙකුට පහරදුන් බවට කරන ලද පැමිණිල්ලක් අනුව ගල්කිස්ස පොලිස් ස්ථානය මගින් අදාළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණා.










