දේශීය

විමල් එස්.කේ. ලියනගම මහතා නව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කෙරේ

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නව නායකත්වයක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන අතර, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරන විමල් එස්.කේ. ලියනගම මහතා, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

මෙම පත් කිරීම සම්බන්ධ කැබිනට් පත්‍රිකාව,
මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.

රටේ ආර්ථික පාලනය, ආදායම් එකතු කිරීම සහ ආනයන-අපනයන පාලනය සඳහා මූලික භූමිකාවක් ඉටු කරන ශ්‍රී ලංකා රේගුව සඳහා මෙම පත්වීම වැදගත් පියවරක් ලෙස සැලකේනවා.

වත්මන් රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි පී. අරුක්ගොඩ මහතා අද (05) දින සිය නිල සේවා කාලය අවසන් කිරීමට නියමිතව තිබෙනවා.

හෙට සිට නව වගකීම්

ඒ අනුව,
විමල් එස්.කේ. ලියනගම මහතා හෙට (06) සිට ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස නිල වශයෙන් වැඩ භාර ගැනීමට නියමිතයි.

ශ්‍රී ලංකා රේගුව යනු රජයේ ප්‍රධාන ආදායම් මාර්ගයන්ගෙන් එකක් වන අතර,
වංචා වැළැක්වීම, නීතිවිරෝධී ආනයන පාලනය සහ රාජ්‍ය ආදායම් වැඩිදියුණු කිරීම සඳහා එහි කාර්යභාරය අතිශයින් වැදගත් වනවා.

 

Shares: