උණුසුම් පුවත්දේශීය

දෙනියාය පාසල් 4ක් හෙට වසා දැමේ

උණ රෝගයක් පැතිර යාමේ අවදානමත් සමඟ විශේෂ තීරණයක්

දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් සහ සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ මත, දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් හතරක් හෙට (මැයි 08) දිනයේ වසා තැබීමට තීරණය කර තිබෙනවා.

දෙනියාය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ නිශාක හෙට්ටිගොඩ මහතා සඳහන් කළේ, උණ ආශ්‍රිත රෝගයක් සිසුන් සහ ගුරුවරුන් අතර වේගයෙන් පැතිර යාම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

හෙට වසා තැබෙන පාසල්
දෙනියාය මධ්‍ය මහා විද්‍යාලය
දෙනියාය රාජපක්ෂ මහා විද්‍යාලය
දෙනියාය ශාන්ත මැතිව් ද්විභාෂා මහා විද්‍යාලය
පල්ලේගම සිද්ධාර්ථ විද්‍යාලය

අදාළ පාසල්වල සිසුන් සහ ගුරුවරුන් අතර රෝගය පැතිරීමේ වර්ධනය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

සෞඛ්‍ය අංශ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින්නේ,
සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිළිපදින්න
දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අවධානයෙන් සිටින්න
උණ, කැස්ස හෝ වෙනත් රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන්න

රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සියලු දෙනාගේ සහයෝගය අත්‍යවශ්‍ය වනවා.

 

Shares: