කාළගුණය

දිවයින පුරා තවදුරටත් තද වැසි

ශ්‍රී ලංකාව ආසන්නයේ ඇතිවී තිබෙන පහළ මට්ටමේ වායුගෝලීය කැළඹිලි තත්ත්වය හේතුවෙන්, දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණය ඉදිරි දින කිහිපය තුළද තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

විශේෂයෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව වැඩි බව සඳහන් වන්නේ.

තද වැසි පිළිබඳ අවවාදයක්,
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලටත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.

එමෙන්ම, නැගෙනහිර සහ උතුරු පළාත්වල උදෑසන කාලයේදීද වැසි තත්ත්වයක් ඇතිවිය හැකි බවයි සඳහන් වන්නේ.

මීදුම් සහිත තත්ත්වයක්
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලටත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලටත් අලුයම කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකියි.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී:

අකුණු ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වන්න, විවෘත ස්ථානවල රැඳී නොසිටින්න, ගස් යට නවතින්න එපා, තාවකාලික තද සුළං පිළිබඳ අවධානයෙන් සිටින්න

ඔබේ සහ පවුලේ ආරක්ෂාව වෙනුවෙන් කාලගුණ නිවේදන පිළිබඳව අවධානයෙන් සිටින්න.

Shares: