කපිල චන්ද්‍රසේන මහතාට ඇප ලබාදීම සඳහා ව්‍යාජ ඇපකරුවන් දෙදෙනෙකු ඉදිරිපත් කළ බවට චෝදනා ලැබූ සැකකරුවන් දෙදෙනා සහ ඔවුන් හඳුන්වාදුන් පුද්ගලයා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් ලබාදුන් මෙම නියෝගය අනුව, සැකකරුවන් තිදෙනා මැයි 20 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
කෙසෙල්වත්ත පොලීසිය අධිකරණයට දැනුම්දී ඇත්තේ, සිද්ධිය සම්බන්ධ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වන බැවින් සැකකරුවන් රඳවා තබා ගැනීම අවශ්‍ය බවයි.











