උණුසුම් පුවත්දේශීය

බොරලැස්ගමුවේ වෙඩිතැබීමකින් අයෙක් මරුට..

බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවතේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගොස් ඇතැයි බොරලැස්ගමුව පොලිසිය පවසනවා.

සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක සාමාජිකයන් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී උදය කුමාර වුට්ලර් කියාසිටියා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ අත්තිඩිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙක්.

බොරලැස්ගමුව බල රැස් ක්‍රීඩාංගනයේ පැවති සංගීත සංදර්ශනයකදී ඇතිවූ ආරවුලකින් අනතුරුව මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

තුවාල ලද පුද්ගලයා මියගොස් ඇත්තේ කළුබෝවිල ශීක්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුවයි.

පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇතැයි පොලිසිය පවසනවා.

Shares: