කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කන්කසන්තුරේ සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා ‘ඇම්බර්’ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අද (28) නිකුත් කළ මෙම නිවේදනය හෙට (29) පස්වරු 4.30 දක්වා බලපැවැත්වනවා.
එම මුහුදු ප්‍රදේශවල, පැයට කිලෝමීටර 60 – 65 දක්වා තද සුළං, විටින් විට රළු මුහුදු තත්ත්ව ඇති විය හැකි බව කාලගුණ අංශ අනතුරු අඟවා තිබෙනවා.
ඒ අනුව, ධීවර හා නාවික කටයුතුවල නිරත වන සියලුම ධීවර සහ නාවික ප්‍රජාවන්ට දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.
මුහුදට යාමට පෙර නවතම කාලගුණ තොරතුරු පරීක්ෂා කරන්න. ආරක්ෂිත උපකරණ නොමැතිව ගමන් කිරීමෙන් වළකින්න. හදිසි තත්ත්වයන් සඳහා සූදානම්ව සිටින්න.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මුහුදු ප්‍රදේශවල අවදානම ඉහළ යා හැකි බැවින් සියලු දෙනාටම අවධානයෙන් සිටින ලෙස දැනුම් දී තිබෙනවා.
📲 අපව Follow කරන්න: Facebook: Lanka Hitnews
YouTube:
https://youtube.com/@lankahitnews
ඔබේ ප්‍රදේශයේ පුවත් අපට
tiktok:
https://tiktok.com/@lankahitnews
Instagram:
https://instagram.com/lankahitnews
එවන්න:
WhatsApp: +94 72 746 4185











