දේශීය

තුඹගල්ල කන්ද ප්‍රදේශයෙන් කිලෝ 3කට වැඩි ‘අයිස්’ මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට!

ලැබුණු බුද්ධි තොරතුරක් මත ක්‍රියාත්මක වූ බදුරලිය පොලිසියේ නිලධාරීන් විසින් තුඹගල්ල කන්  ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී විශාල ‘අයිස්’ මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා.

පොලිසිය අනාවරණය කළේ,
කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 362යි මිලිග්‍රෑම් 87ක් බරැති ස්ඵටික මෙතම්ෆෙටමින් (Ice) තොගයක් මෙහිදී අත්අඩංගුවට ගත් බවයි.

මෙම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව පොලිසිය පවසනවා.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා බදුරලිය පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

රට පුරා මත්ද්‍රව්‍ය ජාවාරම් වැළැක්වීම සඳහා මෙවැනි වැටලීම් තවදුරටත් ක්‍රියාත්මක කරන බවද ආරක්ෂක අංශ පවසා තිබෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම් හෝ පිළිබඳ ඔබ දන්නා තොරතුරු ඇත්නම් ආසන්නම පොලිස් ස්ථානයට දැනුම් දෙන්න.

📲 අපව Follow කරන්න: Facebook: Lanka Hitnews

YouTube:

https://youtube.com/@lankahitnews
ඔබේ ප්‍රදේශයේ පුවත් අපට

tiktok:

https://tiktok.com/@lankahitnews

Instagram:

https://instagram.com/lankahitnews

එවන්න:

WhatsApp: +94 72 746 4185

Shares:
Leave a Reply

Your email address will not be published. Required fields are marked *