ව්‍යාපාරික

සංචාරක වීසා මත පැමිණ සූදු කෙළිය ඉන්දීය ජාතිකයින් රිමාන්ඩ්

සංචාරක වීසා මත පැමිණ සූදු කෙළිය ඉන්දීය ජාතිකයින් රිමාන්ඩ්

සංචාරක වීසා මත මෙරටට පැමිණ අන්තර්ජාලය ඔස්සේ සූදු ක්‍රීඩාවේ නිරත ව සිටියදී තලංගම පොලීසිය මගින් අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයින් 11 දෙනා අද (05) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට හමුවට ඉදිරිපත් කර තිබේ.

එහිදී කඩුවෙල මහෙස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා අදාළ සැකකරුවන් 11 දෙනා එළැඹෙන 07 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.

පැලවත්ත අකුරේගොඩ ප්‍රදේශයේ කුලී පදනම මත ලබා ගත් නිවසක සිට මෙම පිරිස සූදු ක්‍රීඩාවේ යෙදී ඇති අතර ලද තොරතුරක් මත තලංගම පොලීසිය මගින් වැටලීම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් මෙම පිරිස අතරට සැකකාරියන් තිදෙනෙකු සහ සැකකරුවන් අට දෙනෙකුද විය.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන් වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තබා වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා පොලීසිය නියෝග කළේය.

Shares: