1982 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කළ පාදඟ පන්දු යවන ක්‍රීඩකයෙකු වූ ඩී.එස් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ලන්ඩනයේ දී ඒ මහතා ආභාවප්‍රාප්ත වී ඇති බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ.
අභාවප්‍රාප්ත වන විට ඔහුට වයස අවුරුදු 83ක්.
ඩී.එස්. ද සිල්වා මහතා 2009 වර්ෂයේ සිට 2011 වර්ෂය දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරනු ලැබුවා.
එතුමා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ජාතික කණ්ඩායමේ පළමු කණ්ඩායමට අයත් ක්‍රීඩකයෙකු වන අතර ටෙස්ට් තරග දෙකක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ද දරා ඇත්තේද ඩී.එස්. ද සිල්වා මහතායි.










