දේශීය

නාවින්න වෙඩිතැබීමේ CCTV දර්ශන එළියට

නාවින්න වෙඩිතැබීමේ CCTV දර්ශන එළියට

ඊයේ (06) රාත්‍රී 9.20ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් තවත් පුද්ගලයෙකු ඉලක්ක කරගනිමින් මෙම වෙඩි තැබීම සිදුකර පළගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

වෙඩි වැදීමෙන් තුවාල ලැබු 28 හැවිරිදි තරුණයා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබුණි.

පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් කුමන හේතුවක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇත්ත ද යන්න සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු අනාවරණය වී නොමැති බව පොලීසිය පැවසුවේය.

Shares: