උණුසුම් පුවත්දේශීය

අග්‍රාමාත්‍යවරිය මැදියම් රැයේ රනිල් බලන්න ආ පුවත අසත්‍යයි – අගමැති කාර්යාලයෙන් නිවේදනයක්

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීමට ඊයේ (24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය කොළඹ ජාතික රෝහලට පැමිණි පුවත අසත්‍ය බව නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී ඒ බව සඳහන් කරනවා.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සම්බන්ධව 2025. 08. 25 දින හිරු ප්‍රවෘත්ති නිල වෙබ් අඩවියේ, නිල මුහුණු පොතේ සහ අනෙකුත් හිරු මාධ්‍ය ජාලයන්හි ප්‍රචාරය කරන ලද ” අගමැති හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත් ” යන ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් අසත්‍ය තොරතුරක් බවත්, එම ප්‍රවෘත්තිය වහාම නිවැරැදි කරන ලෙස දන්වා අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා විසින් හිරු මාධ්‍ය ජාලයේ සභාපති රෙනෝ සිල්වා මහතා වෙත ලිපියක් යොමු කළ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ.

එම නිවේදනය පහතින්,

Shares: