දේශීයව්‍යාපාරික

දැව පටවාගත් ලොරි දෙකක් පොලිස් භාරයට

දැව පටවාගත් ලොරි දෙකක් පොලිස් භාරයට

අන්තරාදායක ලෙස දැව පටවාගෙන ගමන්ගත් ලොරි රථ දෙකක් වාද්දූව පොලීසිය මගින් සිය භාරයට ගෙන ඇත.

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ සිදුවන රථ වාහන අනතුරු අවම කරගැනීම සඳහා වාද්දුව පොලීසියේ රථවාහන අංශය අද (7) පෙරවරුවේ සිදුකළ විශේෂ සෝදිසි කිරීමක් අතරතුර මෙම ලොරි රථ සිය භාරයට ගෙන තිබේ.

විශාල ප්‍රමාණයේ දැව කොටන් මෙම ලොරි රථ දෙක තුළ අසුරා තිබීම සහ දැව ප්‍රවාහනය කිරීමේදී භාවිතා කළ යුතු මූලික උපදෙස් අනුගමනය කර නොමැති බව මෙහිදී අනාවරණය වී ඇත.

මෙම ලොරි රථ පැදවූ රියදුරන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Shares: