උණුසුම් පුවත්ක්‍රීඩා

චාමිකගේ තුන් ඉරියව් දක්ෂතා ග්‍රීන්ස් පිල දිනවයි

චාමිකගේ තුන් ඉරියව් දක්ෂතා ග්‍රීන්ස් පිල දිනවයි

සිම්බාබ්වේ තරග සංචාරය සදහා ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායම සූදානම් කිරීම අරමුණු කොට ගෙන සංවිධානය කරන ලද ශ්‍රී ලංකා විස්සයි-20 ලීගය ආරම්භ කරමින් අද (07 දා) පැවැති තරගයේදී දුනිත් වෙල්ලාලගේගේ නායකත්වයෙන් යුතු බ්ලූ කණ්ඩායමට එරෙහිව කඩුලු 4 ක පහසු ජයක් වාර්තා කිරීමට කමිඳු මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු ග්‍රීන් කණ්ඩායම සමත්විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය කොළඹ එස්. එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. තරගාවලිය ආරම්භ කරමින් පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් බ්ලූ කණ්ඩායම නියමිත පන්දුවාර 19.4 කදී සියලු දෙනාම ලකුණු 143 කට දැවී ගියේය. ජයග්‍රාහී ඉලක්කය හඹා යෑම සදහා පිටියට පිවිසි ග්‍රීන් කණ්ඩායම වෙනුවෙන් පෙරමුණ ගත් චාමික කරුණාරත්න පන්දු 31 කදී ලකුණු 47 ක් ලබා ගනිමින් පන්දු 19 ක් සහ කඩුලු 4 ක් ඉතිරිව තිබියදී රැස් කර ගැනීමට සමත්විය.

ජයග්‍රහණය වන තෙක්ම තම කඩුල්ල ආරක්ෂා කර ගත් චාමික තම ඉනිම වෙනුවෙන් හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක්ද එල්ල කර තිබුණි.

පස්වැනි පිතිකරුවා ලෙසින් පවන් රත්නායක මුලු ලකුණු සංඛ්‍යාව 42 ක් ව තිබියදී පන්දුවට දැවී යෑමෙන් අනතුරුව පන්දුවට පහර දිමට පැමිණි දකුණත් පිතිකරුවා පළමුව නායක කමිදු මෙන්ඩිස් (36) සමග එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 42 කදී ලකුණු 65 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. නායකත්වයේ කමිඳුගේ ලකුණු 36 ක ඉනිම සඳහා හතරේ පහර 4 ක් පමණක් ඇතුළත් විය.

පිත්තට අමතරව පන්දු යැවීමෙන්ද කැපී පෙනුණු චාමික කරුණාරත්න සිය පන්දුවාර 4 දී ලකුණු 17 ක් පමණක් ලබා දී කඩුලු 3 ක් බිඳ හෙළුවේය. මෙම දක්ෂතාව ප්‍රධාන කොට බ්ලූ කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසන් වන තෙක් හෝ කඩුලු ආරක්ෂා කර ගැනීමට නොහැකි විය.

ඔහුට අනගි සහායක් ලබා දුන් දුෂ්මන්ත චමර, ට්‍රෙවීන් මැතිව් සහ නුවන් තුෂාර කඩුලු 2 බැගින් දවාලූහ. බ්ලූස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකවන අතර ඔහු පන්දු 10 කදී ලකුණු 28 ක් රැස් කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් ද සමගිනි.

බ්ලූස් පිල පන්දුවාර 19.4 කදී සියලු දෙනා දැවී ලකුණු 143 යි – (පැතුම් නිස්සංක 28, විෂේන් හැළඹගේ 15, කුසල් පෙරේරඑා 24, ධනංජය ද සිල්වා 18, අකිල ධනංජය 18, චාමික කරුණාරත්න 17/3, දුෂ්මන්ත චමීර 28/2, ට්‍රෙවීන් මැතිව් 34/2, නුවන් තුෂාර 36/2)

ග්‍රීන්ස් පිල පන්දුවාර 16.5 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 144 යි – (කමිල් මිශාර 15, කමිඳු මෙන්ඩිස් 36, චාමික කරුණාරත්න 47*, දසුන් ශානක 17/3, අකිල ධනජය 22/2)

Shares: