ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ අවුරුදු 23න් පහළ නැගි එන කණ්ඩායම් අතර දෙදින ක්‍රිකට් තරගාවලියේ බදදා සහ බ්‍රහස්පතින්දා (06, 07) දිනවල පාණදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති රාගම ක්‍රිකට් සමාජය සහ පාණදුර ක්‍රිකට් සමාජය අතර තරගයේ දී පාණදුර කණ්ඩායම ජයග්‍රහණය පෙනි පෙනී තිබිය දී කාලය හරස්වීමෙන් තරගය ජය පැරැදුමින් තොරව කෙළවර විණි.
රාගම ප්‍රථම ඉනිමේ දී ලකුණු 194කට දැවී යාමෙන් පසු පාණදුර කණ්ඩායම ප්‍රථම ඉනිමේ දී කඩුලු 8කට ලකුණු 349ක් ලබා සිය වාරය අවසන් කරන විට මුල් ඉනිමේ දී ලකුණු 155කින් ඉදිරියෙන් පසු විය. රාගම දෙවන ඉනිමේ දී ද රැස් කළේ ලකුණු 175කි.
තරගයෙන් ජය ගැනීමට පාණදුර කණ්ඩායමට දෙවන ඉනිමේ දී ලකුණු 21ක් පමණක් අවශ්‍ය වුවත් මේ දෙදින තරගයේ කාලය නිමවීමෙන් තරගය විසඳුමකින් තොරව නිම විණි. එහෙත් ප්‍රථම ඉනිමේ ජය පාණදුර කණ්ඩායමට අත්විණි.
පාණදුර කණ්ඩායම ප්‍රථම ඉනිමේ දී කඩුලු 8කට ලකුණු 349ක් රැස් කිරීමේ දී හොඳම සබඳතාවය වාර්තා වුයේ කණ්ඩායමේ අංක හතර පිතිකරු දෙනෙත් පීරිස් (76) සහ අංක පහ පිතිකරු කාංචන ඩි ලිවේරා (52) පන්දුවාර 18.4ක දී රැස් කළ ලකුණු 109ක සබඳතාවයයි.
පාණදුර ක්‍රීඩා සමාජයේ පිතිකරුවන් සිව්දෙනෙකුම අර්ධ ශතක රැස් කිරීම එම ඉනිමේ විශේෂත්වයකි. එම පිතිකරුවන් වුයේ ලකුණු 74ක් රැස් කළ දෙනෙත් පීරිස් (පන්දු 107යි හතරේ 11යි) ලකුණු 59ක් රැස් කළ කවිඳු අමාමෙත් (පන්දු 112යි හතරේ 8යි) ලකුණු 57ක් රැස් කළ සසිඳු මල්ෂාන් (පන්දු 44යි හතරේ නවයයි) සහ ලකුණු 52ක් රැස් කළ කාංචන ඩි ලිවේරා ය. (පන්දු 48යි හතරේ පහයි හයේ දෙකයි)
රාගම කණ්ඩායම දෙවන ඉනිමේ දී ලකුණු 175ක් රැස් කරන විට එහි වැඩිම ලකුණු ලාභියා වු සනිතු අමරසිංහ ලකුණු 63ක් රැස් කළේ පන්දු 77ක දී හතරේ අටක් සහ හයේ පහර දෙකක් සමගය.
මේ තරගයේ දී දක්ෂ පන්දු යැවීමක නිරත වු පාණදුර කණ්ඩායමේ මෙවිඳු කුමාරසිරි ප්‍රථම ඉනිමේ දී ලකුණු 40කට කඩුලු හයක් ද දෙවන ඉනිමේ දී ලකුණු 24කට කඩුලු තුනක් ද දවාලුහ.
රාගම පළමු ඉනිම සියල්ල දැවී 194 (පන්දුවාර 51.1යි)
(දෙනුර දිමන්සිත් 72, යෝෂිත ඉසුරංග 50, මලීෂ සිල්වා 26, මෙවිඳු කුමාරසිරි 40/6, සහන් මිහිර 38/2, විශ්ව ළහිරු කුමාර 55/2)
පානදුර පළමු ඉනිම කඩුලු 8ට 349 (පන්දුවාර 78යි)
(දෙනෙත් පීරිස් 76, කවිඳු අමාමෙත් 59, සසිඳු මල්ෂාන් 57, කාංචන ඩි ලිවේරා 52, චාර්ය පරණවිතාන 39, දුරන්ක සිල්වා 17, යසාන් අවිශ්ක 15, ෂෙවාන් මෝසස් 48/2, දසිත් ගුණතිලක 62/2, නිසල සන්දිව් 40/2යි)
රාගම දෙවන ඉනිම සියල්ල දැවී 175යි (පන්දුවාර 51.4යි)
(සනිතු අමරසිංහ 63, යෝසිත් ඉසුරංග 24, දසිත් ගුණතිලක 23, මල්ෂා සිල්වා 22, නිසලිත සන්දිව් 19, විශ්ව කුමාර 61/4, මෙළිඳු කුමාරසිරි 24/3, දෙනෙත් පීරිස් 31/2යි)










