දේශීය

බඹර ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

බඹර ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

නෝර්වුඩ් පොලිස් වසමට අයත් ඕල්ටන් තේ වත්තේ වතු කම්කරුවෙකු බඹර ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ නෝර්වුඩ් ඕල්ටන් වතුයායේ කිංග් කෝරා කොටසේ පදිංචිව සිටි 36 හැවිරිදි පුද්ගලයෙකි.

නිවසට පානිය ජලය ලබා ගන්නා බට නලයක් තේ වත්තේ කැඩී යාම නිසා එය අලුත්වැඩියා කිරිමට ගිය අවස්ථාවේ අදාළ පුද්ගලයා මෙම ප්‍රහාරයට ලක්ව ඇත.

මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ අධිකරණ ‍වෛද්‍යවරයා වෙත යාමු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් නෝර්වුඩ් පොලිසිය පරික්ෂණ පවත්වයි.

Shares: