ඇගිලි සලකුණු සටහන් තැබීම සහ අතිකාල දීමනා සම්බන්ධයෙන් ගෙන ඇති තීරණය පිළිගන්නේනම් පමණක් තැපැල් වෘත්තිය සමිති සමග සාකච්ඡා කළ හැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී තැපැල් සේවක වර්ජනය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.










