ගම්පහ දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය හා අපරාධ ජාලයට සම්බන්ධ පුද්ගලයින් පිරිසක් අවි ආයුධ සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දීයි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
පොලිසිය පැවසුවේ, සැකකරුවන් 10කු මෙහිදී අත්අඩංගුවට ගත් බවයි.
මීට අමතරව පරකන්දෙණිය, දළුවකොටුව සහ කටාන යන ප්‍රදේශවල සිදුකළ වැටලීමක දී සැකකරුවන් සතුව තිබී රිපීටර් වර්ගයේ ගිනිඅවියක්, පිස්තෝල අවියක්, ටී – 56 මැගසින් 9ක් සමග පතොරොම් 183ක්, මිලිමීටර් 9 වර්ගයේ පතුරොම් 280ක්, කඩුවක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 300ක් සොයාගෙන තිබෙනවා.
එමෙන්ම සැකකරුවන් භාවිතාකළ යතුරුපැදියක් සහ මෝටර් රථයක් ද සිය භාරයට ගත් බවයි පොලිසිය පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගණේමුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.










