අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නාවික හමුදාපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා එළැඹෙන සැප්තැම්බර් මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.
ඒ ඔහු අද පොල්ගහවෙල මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
2010 අගෝස්තු 26 හෝ ආසන්න දිනකදි අලව්ව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන කුරුණෑගල රෝහලේ නවතා සිටිය දී අතුරුදහන් පුද්ගලයකු සම්බන්ධ නඩුවකට එවකට නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ හිටපු නාවික හමුදාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ජූලි 28 පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනුව ජූලි 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.
ජූලි 30 වනදා පොල්ගහවෙල මහේස්ත්‍රාත් පී. පී. ජේ. ප්‍රනාන්දු වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු 27 දින නැවත නඩුව කැඳවන බවත් එදිනට සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි බන්ධනාගාරයට නියෝග කළේ.
ඒ අනුව අද හිටපු නාවික හමුදාපති වරයා ඇතුළු සැකකරුවන් 11 දෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිටියා.
හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න මෙම නඩුවේ 11 වන සැකකරුයි.










